Sihara Rathnayake, Sri Lanka's National Honour, September 2026
Sihara Rathnayake wrote the highest-scoring poem from Sri Lanka in the Writory International Poetry Contest, September 2026: සසරක තරම, scored 74 out of 100 by the blind judging panel across five published criteria. The poem was read in Sinhala, Sinhala script.
සසරක තරම
අප්පච්චිගේ එක රැවුමකට, එක පොඩි සද්දෙකට, කකුල් පණ නැති වුණත්, ප්රාණ බය වුණත්, ඔබයි මගේ ලොවේ සදා විරුවා ... ඔබ වියපත් වූ දිනෙක ඔබ වාරු කරගෙන යන්නට ඔබ බලා කියා ගන්නට ඔබේ ශක්තිය වන්නට පෙරුම් පිරූ මෙමා හට යන්නට සිදු වේ යැයි ඔබ කර මතින් මෙලෙස සිතුවේ නැහැ පැතුවේ නැහැ කිසි දිනෙක... අම්මත් එක්ක දිනෙක එකට එක කීවත්, මගේ ලොවේ රැජිණ ඇයයි සැමදා ඇයට කිරුළු පලදන්නයි මා වෙහෙසුණේ- කැපවුණේ ඔබේ විලාප, කදුළු , ඇඬුම් මැද්දේ සදහටම යන්න සිදු වේ යැයි නොසිතුවෙමි මා සිහිනයකින්වත් කිසිදිනෙක ... අක්කට මළ වදේ කිව්වත් මාගේ හැම රහසක්ම දන්නෙත් - රැක්කෙත් ඔබම තමයි ඔබ මනාලියක වී පෝරුවට නගින දිනෙක සතුටින් ඔබ ගැන උදම් අනන්නට මා සිහින දැක්කේ... ඒත් අද ඔබේ ඔය සුන්දර වත කඳුලින් බරවී මිලිනවී ඔබේ මලක් වන් වුවනතට කඳුළු එක් කරන්නට නොපැතුවෙමි මා කිසිදිනෙක... සමාවෙයන් මට බුදු අප්පච්චි, අම්මේ, අක්කේ සත්තයි සිතා මතා මා නොකෙරුවෙමි කිසි වරදක් , කහ ඉරෙන්ම පනිද්දී , මරුවා මා කැඳව ගියේ අද ඔබ හැම දෙන හඬවා ඔබ කර මතින් පිය මනින්නේ මා සසර බියකරු බව පසක් කරමිනි
Every country's leading poet each month is named on the September 2026 National Honours. The contest is open to poets in Sri Lanka and everywhere else: enter the current round, and every poem receives a score out of 100 and a certificate.